විල්ගමුවේ වැව්  4ක්  සංවර්ධය කිරීමට පියවරwil1

ග්‍රාමීය යටිතල පහසුකම්  සංවර්ධනය කිරිමේ  විශේෂ වැඩ සටහන යටතේ   විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  වැව් 4ක් ප්‍රතිසංස්කරණය කිරීම සදහා  රුපියල් මිලියන  88ක මුදලක්  වෙන් කොට තිබේ.  ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින්  මෙම වැව් ප්‍රතිසංස්කරණය  සදහා ප්‍රතිපාදන වෙන්කොට තිබේ.  

විල්ගමුව  කොට්ඨාසයේ  වත්තේගෙදර වැව ප්‍රතිසංස්කරණය සදහා  රු.මි.  46ක්ද, තුන්හිරිය වැව  වැඩි දියුණු      කිරීම සදහා මිලියන 15ක්ද,  දොඩන්ගොල්ල වැව ප්‍රතිසංස්කරණය සදහා  රු.5ක්ද,  රදාගල්පොත  ව්‍යාපාරය  යටතේ  ඇහැරන්ද වැව ප්‍රතිසංස්කරණය හා ඇල මාර්ග  පද්ධතිය ඉදිකිරීම  සදහා  මිලියන 22ක්ද වශයෙන් රුපියල් මිලියන  88ක මුදලක්  විල්ගමුව කොට්ටාසයට පමණක්  වෙන් කොට තිබේ.  මාතලේ දිස්ත්‍රික්කයේ අති දුෂ්කරම කොට්ඨාසය වශයෙන් සැලකෙන්නේද  විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයි. 

News & Events

08
සැප්2018
විල්ගමුවේ වැව්  4ක්  සංවර්ධය කිරීමට පියවර

විල්ගමුවේ වැව් 4ක් සංවර්ධය කිරීමට පියවර

විල්ගමුවේ වැව්  4ක්  සංවර්ධය කිරීමට පියවර ග්‍රාමීය...

Scroll To Top